mediahumanrights.lk
Local NewsNews

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..

ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඊට අදාළ ඇනවුම මේවන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට දී තිබේ.

ඖෂධ සඳහා වියාජ ලියාපදිංචි සහතික නිකුත් කිරීම වැළැක්වීම එහි අරමුණ වී තිබේ.

ඒඅනුව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවන සෑම ඖෂධයක් සඳහාම විශේෂිිත ස්ටිකරයක් ලබාදීමට නියමිත බව පැවසීය.

මාසයක් ඇතුළත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේ

Shiran Viraj

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

Shiran Viraj

රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..

Shiran Viraj
Translate »