mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නෑ…

ශ්‍රී ලංකාව තුළ අද වන විට ගණිකා වෘත්තීය නීති විරෝධී නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසයි.

‘ගණිකා වෘත්තිය නීතිගත කරන්න නම් එය නීතිවිරෝධි විය යුතුයිනේ. අපේ රටේ නීතිය අනුව ගණිකා වෘත්තිය නීතිවිරෝධි නැහැ. ඔවුන් ලිංගික ශ්‍රමිකයන්. මෙය අපේ සමාජ ප්‍රතික්ෂේප වන්නක්.

නමුත් කාන්තාව එතැනට තල්ලු වන ප්‍රධාන හේතුව වන්නේ සමාජයේ බිඳවැටීම හා ආර්ථික අර්බුදය. එය විසඳීම අපේ ප්‍රධාන ඉලක්කයයි.

එවැනි අනාරක්ෂිත තැනකට යොමුවීම වැළැක්වීම තමයි අපේ ප්‍රධාන අරමුණ. අපි විසින් ඉදිරිපත් කරන සමාජ ආර්ථික වැඩපිළිවෙළ තුළ එවැනි තැනකට කාන්තාව තල්ලු වීම වළක්වන අතර නීතිය තුළ සමාජය ප්‍රතික්ෂේප වූ ඇය තවත් අගතියකට පත්වීමට අපි ඉඩ දෙන්නේ නැහැ

අපේ ප්‍රතිවාදීන්ට ගැටලුවක් වුණාට කාන්තාවන්ට මේ අවස්ථාවේ ඇති එකම ගැටලුව ගණිකා වෘත්තිය පමණක් නෙමෙයිනේ. ගැහැනුන්ට ඇති අනාරක්ෂිත භාවය කතා කළ යුතු තවත් ප්‍රධාන කරුණක්. වත්මන් ආර්ථිකය කඩාවැටීම තුළ කාන්තාවන්ට ඇති අවස්ථා අහිමිවීමටත් අපි මැදිහත් විය යුතුයි’

Related posts

අයවැය ගැන මැති ඇමතිවරුන් කියන කතා මෙන්න

Shiran Viraj

19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..

Shiran Viraj

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Shiran Viraj
Translate »