mediahumanrights.lk
Local News News

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු විදේශගත වීමට යාපනය ගුවන්තොටුපළ වෙත යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයන් විදේශ රටවලට යැවීමේ ඒජන්සියක් මොහු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ හරහා මෙම මුදල් වංචාව සිදුකර තිබේ.

ඉන්දියාව බලා යාමට යාපනයේ ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවයි..?

Shiran Viraj

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Shiran Viraj

මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..

Shiran Viraj