mediahumanrights.lk
News Political

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බව පැවසීය.

ආණ්ඩුක්‍රම විවස්තාවට අනුව ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතුය.

ඒ සඳහා අයවැය මගින් මේවන විටත් මුදල් වෙන්කර තිබේ.

ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයටපත් කර හොත් එය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඕනෑම අවස්ථාවක සූදානම් බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

"FCID යට බයවෙන්න එපා"

Shiran Viraj

මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්

Shiran Viraj

යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

Shiran Viraj