mediahumanrights.lk
News Political

සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…

උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එකී බංකොලොත්භාවයෙන් බැට කන ජනතාව කබලෙන් ලිපට ඇද දමීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතු වු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

මේ මොහොතේ පවා කෘෂිකාර්මික නිෂ්පාදන සදහා පවා බදු අය කර ඇති බවත් මේ නිසා සහල් ඇතුලු එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් තුල අප රටක් ලෙස තවදුරටත් බලා සිටිනවාද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිනවාද යන්න ජනතාව තීන්දු කල යුතු බවත් එම යහපත් අරමුණ වෙනුවෙන් නැගී සිටිමට ධෛර්ය ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

– media unit

Related posts

චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

Shiran Viraj

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

Shiran Viraj

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Shiran Viraj