2026-01-12
mediahumanrights.lk
Local NewsNews

විජයබාහු ගජබාහු හූති මඬින්න රතු මුහුදට..

හූති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදු කරනු ලබන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු – ගජබාහු නාවික යාත්‍රා සූදානම් කර තබා තිබේ.

මේ නැව් මෙහෙයුම් සඳහා පිටත්වන දිනය මෙතෙක් හෙළිකර නැත. එසේම මේ එක් නැවක නාවිකයෝ සියයකට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටිති.

එසේම හෙලිකොප්ටර් බැස්සීමේ පහසුකම ද මේ නැව් සතුව ඇත.

මෙරට නාවික හමුදාවේ යුද නැවක් රතු මුහුදට යවන බව පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබුණේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලට එක්වෙමිනි. එහිදී ඔහු මෙසේ පවසා තිබිණි.

“යුක්‍රේනයේ යුද්ධය තියෙනවා, ගාසාවල තව යුද්ධ තියෙනවා. ඒ නිසා භාණ්ඩවල බඩු මිල වැඩිවෙන්න පුළුවන්. දැනට ම ඇත්ත වශයෙන් ම රතු මුහුදේ හූති කණ්ඩායම් නැව්වලට මිසයිල යවන නිසා නැව් යන එක නැවතිලා තියෙනවා. මේ නැව් රතු මුහුදෙන් එන්නේ නැතුව දකුණු අප්‍රිකාව වටේ ගියොත් ඒකෙන් ම බඩු මිල වැඩි වෙනවා. ඒ නිසා ඒ හූති වැඩසටහනට විරුද්ධව අපිත් එකඟවෙලා තියෙනවා ශ්‍රී ලංකා නාවුක හමුදාවෙන් නැවක් යවන්න රතු මුහුදට මේවා ආරක්ෂා කරන්න. එහෙම නැවක් යැව්වා ම සති දෙකක් තියන්න රුපියල් මිලියන 250ක් යනවා. අමාරු තැන්වල අපි ඉන්නේ. ඒක ආරක්ෂා කරන්න ඕන.”

රතු මුහුදේ තර්ජන හේතුවෙන් ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව යේමනයේ ත්‍රස්ත ඉලක්ක වෙත බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රහාර එල්ල කර තිබිණි. ‘හූති‘ යනු යේමනයේ ෂියා මුස්ලිම් සුළුතරයක් වන සයිඩිස් හි උප නිකායට අයත් සන්නද්ධ කණ්ඩායමකි. හූති කැරලිකරුවෝ 2014 වසරේ සිට යේමනයේ රජයට එරෙහිව සිවිල් යුද්ධයක නිරතව සිටිති. මේ කණ්ඩායමට ඉරානයේ සහාය ලැබේ.

Related posts

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Shiran Viraj

කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..

Shiran Viraj

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Shiran Viraj
Translate »