mediahumanrights.lk
Local NewsNews

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

කිලිනොච්චිය, කෝවින්දන් කඩමංසන්ධිය අසල පිහිටි වාරි අ‍ැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

ප්‍රදේශවාසියෙකු අදාල මළසිරුරු දැක කිලිනොච්චිය පොලිසියට ලබාදුන් තොරතුරක් මත අදාල ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවකදී තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව පොලිසිය පැවසීය.

සොයාගත් මළසිරුරු පරික්ෂා කිරීමේදී එලෙස මියගොස් අ‍ැත්තේ කිලිනොච්චිය, අලහපුරි පදිංචි දයාලන් තනුසන් (20) ක්‍රිෂ්ණන් සදෙසන් (18) නැමති තරුණයින් දෙදෙනෙක් බවට හඳුනාගනු ලැබීය.

මියගිය තරුණයින් දෙදෙනා ඊයේ (13) දින රාත්‍රියේ යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී ඒහි වේගය පාලනය කරගැනීමට නොහැකිව අ‍ැළට වැටී තරුණයින් දෙදෙනා දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට අ‍ැති බවට පොලිසිය සැකපලකරයි.

ඔවුන් දෙදෙනා පැදවූ පැදියද අ‍ැළ මාර්ගයේ තිබී සොයාගන ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

පළාත් නවයට දෙවිවරු ඉන්නවා වගේ අද සංවර්ධන ඇමතිලා ඉන්නවා

Shiran Viraj

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Shiran Viraj

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Shiran Viraj
Translate »