mediahumanrights.lk
Local NewsNews

මහින්දගේ නිවසට ලංවිමෙන් 220KW ජෙනරේටරයක්…?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවසට රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් විදුලි ජනන යන්ත්‍රයක් විදුලි බල මණ්ඩලයෙන් ලබාගෙන ඇති බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

ඒ සඳහා නව වැට් බද්දද ඇතුළත් කර නැතැයි සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

මෙම විදුලි ජනන යන්ත්‍රය එම නිවසට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දන්වා ඇති බවද හෙතෙම කියා සිටියේය.

මිලියන පනහකට අඩු ඇස්තමේන්තුවත් ඊට ලබා දී ඇති බවත් විදුලිබල මණ්ඩලයේ කොන්ද පණ නැති නිලධාරීන් කිහිපදෙනෙකු ඒ අනුව එය ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

මෙම යන්ත‍්‍රය 220ක ධාරිතාවෙන් යුතු එකක් බවත් එයට එක් කර ඇත්තේ 15%ක් වන පැරණි වැට් බද්ද බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…

Shiran Viraj

තෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…

Shiran Viraj

ප්‍රේමදාස පිටියේ ඉතිහාසය මෙන්න -අද තරගය කාගෙද?

Shiran Viraj
Translate »