mediahumanrights.lk
Local NewsNews

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.

එහෙම යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇති වූ දෝෂයක් මතයි.

මෙම යන්ත‍්‍රය අක්‍රීය වීමත් සමග ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් අහිමි වෙයි.

මේ අතර 165 ක ධාරිතාවකින් යුත් කැළණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ද නඩත්තු කටයුතු සඳහා අද දින සිට වසා දමා තිබේ. එහි නඩත්තු කටයුතු සඳහා සති හයක කාලයක් ගතවනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන නිසා මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද විදුලිබල මණ්ඩලය කියා සිටී.

Related posts

පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

Shiran Viraj

අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවට

Shiran Viraj

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

Shiran Viraj
Translate »