mediahumanrights.lk
BusinessBusiness NewsNews

IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

ලංකා ඉන්දීය තෙල් සමාගම හා සිනොපෙක් සමාගම පෙට්‍රල් හා ඩීසල් වර්ග හතරමහ අලෙවියෙන් පාඩු ලබමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 61කින් මිල වැඩි කළ පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම ලීටරයකින් ශත 61ක ලාභයක් ලබන බවත් ආණ්ඩුව සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 104 ක බද්දක් පනවා ඇති බවත් හෙතෙම කියයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39 ක ද, ඩීසල් ලීටරයකින් ශත 51 ක් ද, භූමිතෙල් ලීටරයකින් ශත 15 ක් ද, ලාභයක් උපයන බවත් ආණ්ඩුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 104.02 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 126.71 ක ද, ඩීසල් ලීටරයකට රුපියල් 80.15 ක් ද, භූමිතෙල් ලීටරයකට රුපියල් 3.02 ක් ද, බදු අය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…

Shiran Viraj

S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..

Shiran Viraj

බස් ගාස්තු ඉහලට..?

Shiran Viraj
Translate »