mediahumanrights.lk
NewsPolitical

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ රජයේ රෝහල්වල සිදුවූ මරණ පිළිබඳව සොයා බැලීම ද කමිටුවට පැවරී ඇති බව පැවසූ ඇමතිවරයා වෛද්‍ය විද්‍යාව, හෙද ක්‍ෂේත්‍රය මෙන්ම අසාත්මිකතා පිළිබඳව ද පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති විශේෂඥයින් මෙම කමිටුවට ඇතුළත් වන බවත් පැවසීය.

සියලු ආන්දෝලනාත්මක මරණ සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් පූර්ණ පරීක්ෂණයක් පවත්වා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

රෝහල් පද්ධතියෙන් ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට එය උපකාරී වනු ඇති බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.

Related posts

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

Shiran Viraj

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj
Translate »