mediahumanrights.lk
Local News News

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවක් පල නොකිරීම මත සී ඩී වික්‍රමසිංහ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කැමැත්තක් නැති බව දැඩිව පවසා ඇතැයි ද එම වාර්තාව කියා සිටියි.

පසුගිය ජුනි මස විසිපස් වැනිදා සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය අවසන් වූ අතර සති දෙකකට ආසන්න කාලයක් පොලිස්පති ධුරයේ හිස්ව තැබිණි.

නව පොලිස්පතිවරයා ලෙස ජනාධිපති විසින් කිසිදු නමක් මේ වන විටත් ව්‍යවස්ථා සභාවට යෝජනා කර නැත.

Related posts

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Shiran Viraj

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Shiran Viraj

තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..

Shiran Viraj