mediahumanrights.lk
News

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

අනුරාධපුර රෝහලේදී නිර්වින්දනය කරන ලද රෝගියෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය හෙළිකරයි.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ පසුගිය 28 වැනිදා එම මරණය සිදුව තිබෙන බවයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට එම මරණය ගැන පැමිණිලි කිරීමට හැකියාවක් ලැබී නැති බවද හෙතෙම සඳහන් කළේය.

කිහිල්ලේ තිබූ ගෙඩියක් ඉවත් කිරීම සඳහා මෙම රෝගියා රෝහල් ගත වී ඇති බවත් එහිදී නිර්වින්දනය කිරීමට ලබාදුන් එන්නතකින් පසුව නැවත සිහිය පැමිණ නැතිව මරණයට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

Related posts

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

Shiran Viraj

තෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයි

Shiran Viraj

කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයි

Shiran Viraj