26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
NewsPolitical

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයට රවී කරුණානායක හැර විකල්පයක් නැතැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා අවධාරණය කර සිටියි.

සරත් මනමේන්ද්‍ර මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“රවී කරුණානායක කියන්නේ උගත්, බුද්ධිමත්, විනයගරුක, අවංක, නිහතමානී, ඉතාම ආචාරශීලී සහ විශාල දේශපාලන පෞර්ෂයක් තිබෙන ප්‍රබල දේශපාලන නායකයෙකු බව කිව යුතුයි. ඇත්තටම ඔහු දෙවැනි වන්න එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි. රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයට රවී කරුණානායක හැර විකල්පයක් නොමැති බව පැහැදිලිව කිව යුතුයි.

එමනිසා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරය හෝ ඒ හා සමාන ප්‍රබල තනතුරක් රවී කරුණානායකට ලබා දී ඔහු ඉදිරියට ගෙන පක්ෂයේ දේශපාලන අනාගතය තහවුරු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු බව අපගේ ස්ථාවර යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දුන්නොත් අපේ නව සිහළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ බලවේග රැසක් එම පක්ෂය වට එකට ඒකරාශී වීමට සූදානමින් සිටිනවා.

රවී කරුණානායක මහතාට ජාතික සහ ජාත්‍යන්තර සම්බන්ධතා රැසක් තිබෙනවා. සියලු ජාතීන් සහ සියලු ආගමිකයින් ඔහු වටා එකට ඒකරාශී වී සිටිනවා. සියලු පාර්ශවයන් එකට ඒකරාශී කිරීමට ඔහුට හැකියාවක් සහ ශක්තියක් තිබෙනවා. ඔහුට හොඳ පළපුරුද්දක් සහ කළ පුරුද්දක් තිබෙනවා.

ඇත්තටම රවී කරුණානායක කියන්නේ දුප්පතාගේ හිතවතා. ඔහු පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටිනවා. අන්ත අසරණ දුප්පතුන්ට ඔහු සිය පෞද්ගලික ධනය, සම්බන්ධතා, කාලය සහ ශ්‍රමය කැප කර උදව් උපකාර කරන්නේ හරියට සිටුවරයෙකු ලෙස බව කිව යුතුයි.

රවී කරුණානායක කියන්නේ අපේ රට විතරක් නොව මුළු ලෝකයම පිළි ගත් නායකයෙක්. ඔහු ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස ද ගෞරව සම්මානයට පාත්‍ර වුණු අද්විතීය පුද්ගලයෙක්. නිදහස් ශ්‍රී ලංකාවේ කිසිම මුදල් ඇමතිවරයෙකු එවැනි ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වී නැහැ.

රවී කරුණානායකට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්, වගකීමක් සහ කාර්ය භාරයක් ලබා දී ඔහු පක්ෂයේ ඉදිරියට ගත යුතු බව අප අවධාරණය කර සිටින්නේ මේ පසුබිම මතයි. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම තීරණය ගනු ඇතැයි අප බලාපොරත්තු වනවා.”

– Media unit

Related posts

"සම්බන්ධන්ට වඩා මම දෙමල ජනතාවට සේවය කළා" – ගෝඨාගෙන් ප්‍රකාශයක්

Shiran Viraj

බිමල්ට තව ලොකු තනතුරක්…

Shiran Viraj

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

Shiran Viraj
Translate »