2026-01-18
mediahumanrights.lk
Local NewsNews

GSP+ ලංකාවට නොලැබෙයි…

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් නැවතත් ඊට අයදුම් කළ යුතු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

2033 වසර දක්වා නැවත එම සහනය ලබා දෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගැනීමට නියමිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිත‍්‍රස්ත පනත හරහා යුරෝපා සංගමයේ සම්මුතීන් උල්ලංඝනය වන බවත් පැවසූ ඔහු මෙම බදු සහනය අහිමි වුයහොත් රටට ඩොලර් මිලියන 650 ක පමණ පාඩුවක් සිදුවන බවද කියා සිටියේය.

Related posts

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ අල බෝලේ අධිකරණයට

Shiran Viraj

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

Shiran Viraj

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Shiran Viraj
Translate »