mediahumanrights.lk
BusinessBusiness NewsNews

අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…

සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත.

ඒ සමගම සාමාන්‍ය දුම්වැටි බද්ධ ද 20%කින් ඉහළ දමා ඇති අතර විශේෂ වර්ගයේ දුම්වැටියක නිෂ්පාදන බද්ධ 98%කින් ඉහළ දමා තිබේ.

මිලිලීටර 750 ක දේශීය අරක්කු බෝතලයක මිල රුපියල් 206කින් ඉහල යන අතර විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 266කින් ඉහල යයි.

4.8%ක බියර් මිලිලීටර 625 කෑන් එකක් රුපියල් 21කින්, 8.8% ක බියර් කෑන් 1ක රුපියල් 39කින්ද ඉහළ යයි.

ඒ අනුව රුපියල් 90ක් වූ දුම්වැටියක් රුපියල් 105ක් දක්වාත්, රුපියල් 85ක් වූ දුම්වැටියක් රුපියල් 100ක් දක්වාත්, රුපියල් 70ක් වූ දුම්වැටියක් රුපියල් 80 දක්වාත්, රුපියල් 60ක් වූ දුම්වැටියක් රුපියල් 70ක් දක්වාත්, මිලිමීටර් 60ට නොවැඩි රුපියල් 15ක් වූ දුම්වැටියක් රුපියල් 24ක් දක්වාත් ඉහල යයි.

Related posts

ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්

Shiran Viraj

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

Shiran Viraj

ඩොලරය නොනවත්වා දිගු ගමනක

Shiran Viraj
Translate »