2026-02-15
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ශ්‍රී ලාංකිකයින්ට සෞදි අරාබියේ ඉදිකිරීම්, සෞඛ්‍ය රැකියා… ගෘහ සේවිකා වැටුප් ඉහළට…

ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ කර තිබේ.

ඒ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ සෞදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි මහතා අතර පැවැති පළමු නිල ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙහි දී ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර බදවාගැනීම් සදහා ද්වී පාර්ශ්වීය කමිටු දෙකක් පත් කිරීමටත්, ගෘහ සේවක සේවිකාවන් බදවා ගැනීමේ දී පවතින අක්‍රමිකතා සොයා බැලීම සදහා දින 30ක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශන කමිටුවක් පත් කිරීමටත් සෞදි අරාබියේ මානව සම්පත් සහා සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි මහතා එකග වී තිබේ. මෙරට ශ්‍රමිකයන්ට දැනට ගෙවන අවම වැටුප තවදුරටත් ඉහළ දැමීමටත් සෞදි අමාත්‍යවරයා එකගවී ඇති අතර ඒ සදහා වන නිර්දේශ දින තිහක් ඇතුළත ඉදිරිපත් කිරීමටද නියමිතය. ශ්‍රී ලංකාවේ සේවක අතිරික්තයක් ඇති අංශයන් සදහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමටත් එකගතාව පළ කර තිබේ. අරාබි සහ ඉංග්‍රීසි බසින් පමණක් ඇති සේවා ගිවිසුම් සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමු ව තිබේ. එසේ ම ගෘහ සේවක සේවිකාවන් මුහුණපා ඇති ගැටලු සොයා බලා දින 30ක් තුළ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ද දෙපාර්ශ්වයේ එකගතාව හිමි වී තිබේ.

මෙ‍තක් කලක් පිලිපීනයට සහ බංගලිදේශයට පමණක් විවෘත කර තිබූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අංශ ගණනාවක් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විවෘත කිරීමට නියමිතය. ගෘහ සේවය සම්බන්ධයෙන් ගැටලු ඉස්මතු ව ඇති බඳවා ගැනීමේ ගාස්තු සහ පිරිවැය යළි සලකා බැලීමටත්, සේවක අක්‍රමිකතා සිදුකළ රැකියා නියෝජිත ආයතන 400ක් පමණ වසා දැමීමටත් තීරණය කර තිබේ.

මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡාව සදහා සෞදි අරාබියේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහුද එක්ව සිටියහ.

– Media unit

Related posts

Fall's biggest fitness trend would make rocky proud

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්

Shiran Viraj

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj
Translate »