mediahumanrights.lk
BusinessBusiness NewsNews

අරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..

වතුකරය තුල පවතින අනවසර මත් වතුර වෙළදාම් හේතුවෙන් වතු කම්කරු ජිවිත අවුලෙන් අවුලට පත් විමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කරයේ කාන්තාවන් පිරිසක් පවසනුයේ මේ වන විට වතු කරන තුල අනවසර මත් පැන් (අරක්කු බියර්) අලෙවිය දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය.

වතුකරය ආශ්‍රිත නගරවල සමහර මත් පැන් අලෙවි කරුවන්ගේ තැරවුකරුවන් වතු තුල මෙම මත් වතුර අලෙවිය සිදු කරන බවත් මෙකි සමහර පිරිස් ණය ක්‍රමය යටතේද වතු කම්කරුවන් සදහා මත් වතුර ලබා දිම හේතුවෙන් තම ස්වාමි පුරුෂයන් ලබා ගන්නා වැටුපෙන් වැඩි කොටසක් මත් වතුර සදහා වැය විමත් සමග තම පවුල්වල වැඩි බරක් තමන්ට දැරිමට සිදුව ඇති බවද එම පිරිස් පවසති.

එමෙන්ම වතු තුල මෙකි අනවසර මත් වතුර වෙළදාම් ඉහල යාමත් සමග වතුකරයේ සමහර තරුණ පිරිස්ද මත් වතුර පානයට දැඩි ලෙස යොමුව ඇති බවත් එසේ මත් වතුර පානය කරන තරුණයන් විසින් වතුකරයේ තරුණියන්ට අනවශ්‍ය විහිලු කිරිම් තුලින් වතුකරයේ සමහර තරුණියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත් වන බවද ඔවුන් පවසති.

වතු කරයේ මත් වතුර අලෙවිය කාලයක් අඩුව තිබුනද මේ වන විට එම මත් වතුර වෙළදාම් නැවත හිස ඔසවා ඇති බවත් මෙකි තත්වයන් මත වතුකරය තුල විවිධ ගැටුම්කාරි තත්වයන් ඇති විමේ අවදානමක් මෙන්ම වතුකරයේ ජන ජිවිතද කඩා වැටිමේ අවදානමක් පවතින බවද එම පිරිස් තව දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

Shiran Viraj

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

Shiran Viraj

ලංකාව දෙසතියක් ඇතුලත ඉන්දියාවේ තත්වයට..

Shiran Viraj
Translate »