mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..

ත්‍රීරෝද සහ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය තම රැකියාව කරගෙන යාමට කිසිම ලෙසකින් ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා තීරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය සඳහන් කරයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය රජයට කොතරම් පැහැදිලි කලත් ප්‍රයෝජනයක් නැති බවත් එනිසා මේ වන විට විශාල සාමාජිකයන් පිරිසක් තම රැකියාව අතහැර දමා ඇති බවත් ය.

කර්මාන්තයේ නියැළෙන ලක්ෂ 8 කට වැඩි පිරිසක් හා ඔවුන්ගේ පවුල් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

දැනටත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය ප්‍රමාණවත් නොවන බවද පවසන ඔහු මේ හේතුවෙන් ඇතැම් පිරවුම්හල් සේවකයන්ට යම් අතමාරුවක් දී ඉන්න ලබා ගන්නට සිදුව ඇති බවද ඔහු පැවසීය.

Related posts

පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…

Shiran Viraj

'සූකර අසපුවට' ගොඩවුණු ජෙහාන්

Shiran Viraj

LTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..

Shiran Viraj
Translate »