mediahumanrights.lk
Local News News

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතරක්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6යි අගල් 10ක් පහලින් පවතින බවත්ය.

මේ වන විට මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලිබලාගාරවලින් උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

Shiran Viraj

ප්‍රින්ස්ව ජීවත් කරවීමට නොමියෙන ගීත දෙකක් විකිණීමට යයි..ප්‍රින්ස්ගේ සොයුරිය හිරු ගොසිප් වෙත කියූ සංවේදී කතාව

Shiran Viraj

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Shiran Viraj