mediahumanrights.lk
BusinessBusiness NewsNews

බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නැති බවයි.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

“මේ වෙනකොට බැංකු පද්ධතියේ වැඩකර ගෙන යෑම සඳහා ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි බැංකු සේවකයෝ රාජකාරියට එන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට තමයි. බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත් සමග බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිත කරලා. එතකොට බැංකු පවත්වාගෙන යෑම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යෑමට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සිද්ධවෙලා නැහැ. ඒ මේ වෙද්දි එකින් එක වැහෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්විට ග්‍රාමිය පළාත්වල බැංකු පවත්වාගෙන යන්න බැහැ. බැංකු පවත්වාගෙන යෑම සඳහා ජෙනරේටර් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවට ඉන්ධන නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සේවකයින් රාජකාරියට වාර්තා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ බැංකු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේවනතුර නිෂ්චිත වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත්කරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී බැංකු පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවක් තියෙනවා.”

Related posts

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

Shiran Viraj

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj
Translate »