mediahumanrights.lk
Local NewsNews

ධාවනය වූ බසයේ කොන්දොස්තරගේ රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යයි….

කිලිනොච්චිය උමයාල්පුරම් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ  ලංගම බස්රථයක කොන්දොස්තර වරයාගේ මුදල් රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යාමේ සිදුවීමක් ඊයේ (02) රාත්‍රියේ වාර්ථා වී ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

යාපනයේ සිට අම්පාර දක්වා ධාවනය වී ඇති අදාල ලංගම බස් රථය උමයාල් පුරම් ප්‍රදේශයේදී තවත් මගීන් පිරිසක් ඇතුලත් කිරීමට ගත් උත්සහයකදී බස්රථය තුල සිටි තරුණයින් තිදෙනෙකු විසින් බස් කොන්දොස්තරවරයා බස්රථයෙන් එලියට තල්ලුකොට ඔහු අතේ තිබූ මුදල් කොල්ලකා පලා ගොස් ඇත.

මුදල් කොල්ලකන අවස්ථාවේදී රුපියල් 59,000 කට අධික මුදලක් තිබී ඇති අතර බස්රථයේ සිටි මගීන්ද එක්ව පලාගිය පිරිස් ඇල්ලීමට උත්සහ ගත්තද නොහැකි වීම හේතුවෙන් බස්රථය කිලිනොච්චිය පොලීසියට පැමිණ අදාල කොන්දොස්තරවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

යාපනයේ සිට කිලිනොච්චිය දක්වා පැමිණි සැකකාර තරුණයින් බස්රථයේ මගීන් වැඩිවන තෙක් බලා මෙලෙස කොන්දොස්තර මහතාට පහරදී මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවටත් මගීන් වැඩි වීම සහ රාත්‍රී කාලය හේතුවෙන් සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවටද කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

Shiran Viraj

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්

Shiran Viraj

රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

Shiran Viraj
Translate »