mediahumanrights.lk
NewsPolitical

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

ආණ්ඩුව කුමක් කීවද තාමත් රටේ දේශපාලන ස්ථාවර භාවයක් නොමැති නිසා ණය ගැනීමට පෙර දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් ණය මුදලක් ලබා ගැනීම නම් එය සිදු කිරීමට නම් රටේ විශ්වාසනීය පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

තවද ණය කල් දමා ගැනීමත් විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් වැඩිපුර ගැනීමත් කළ යුතු බවද කී ඔහු කොතරම් අත්‍යවශ්‍ය වුවත් රටේ හොරු සිටින තාක් ජනතාව ඩොලර් එවීමෙන් වළකින බවද කියා සිටියේය.

වෙනදා මසකට ඩොලර් මිලියන 600ක් ලැබෙන විදේශගත ආදායම දැන් මිලියන දෙසීයක ට අඩු වී ඇතැයි ද පැවසූ ඔහු විශ්වාසවන්ත පාලනයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටින බවද පැවසීය.

Related posts

ලෝකයේ විශාලතම බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට එයි

Shiran Viraj

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

Shiran Viraj

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

Shiran Viraj
Translate »