mediahumanrights.lk
Local NewsNews

තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…

අද දහවල් දොළහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඉරිදා නිවාඩු දිනයක් බැවින් එදිනටද ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවද ඒ අනුව සදුදා දිනය තෙක් ඉන්ධන ප‍්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන් කියා සිටී.

අද පෙරවරුවේ ඉන්ධන පුරවාගත් රථ හැර කිසිඳු බවුසරයක් පිරවුම්හල් වෙත නොයනු ඇති බවත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී ඇත්තේ සැලසුම් කළ ඉන්ධන නැවු ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වෙන බවත් මෙරටට පමිණෙන දිනයක් සහතික කළ නොහැකි බවත් ඒ නිසා ඉදිරි කාලය තුල ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවත්ය.

Related posts

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

Shiran Viraj

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Shiran Viraj

කොරෝනා මරණ වැඩිම යුරෝපීය රට බවට ඉතාලිය පත්වෙයි

Shiran Viraj
Translate »