mediahumanrights.lk
Local NewsNews

ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

එක් කණ්ඩායමක් කුරුණෑගල ඔහුගේ නිවසටත් අනිත් කණ්ඩායම කොළඹ නිවසටත් යොදවනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.

ගාලු මුවදොරෙ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයන්ට පසුගිය නව වැනිදා පහර දී මේ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විත්තිකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

Related posts

කිසිවක් නොමිලේ දීමට බෑ.. එසේ කලොත් මුදල් අච්චු ගහන්න වෙනවා.. එවිට රට යලි වැටෙනවා..- ජනපති

Shiran Viraj

කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට

Shiran Viraj

කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතට

Shiran Viraj
Translate »