mediahumanrights.lk
Local News News

විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකරන ලදී.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ‍්‍රයට පැමිණ මෙසේ විරෝධතාවය දැක්වූහ.

තෙග් සංස්ථාවේ පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කංචන විජේසේකර සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව දැනගැනීමට විරෝධතාකරුවන් එහි පැමිණ ඇත.

කෙසේ වෙතත් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ කැබිනට් රහස් හෙලි කිරීමට නොහැකි බවය.

එම ප‍්‍රකාශයත් සමග විරෝධතාකරුවන් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉන් බැහැරවීමට නොහැකි වන ලෙස වාහනය වට කරමින් විරෝධතාවයේ යෙදුනහ.

Related posts

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj

‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..

Shiran Viraj