mediahumanrights.lk
NewsPolitical

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

තමන් ආණ්ඩුවේ තනතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ ඔහු තබා ඇති සටහන මෙසේය.

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.

ගෝටාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි .

සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.

ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි .

Related posts

විමල්ගේ ඇප අයදුම මහාධිකරණයෙන් අදත් ප‍්‍රතික්ෂේප කරයි

Shiran Viraj

ලොකු ළූණුවලින් කෝටි 8000 අයුතු ලාභයක්.. අල, ළූණු, කිරිපිටිල වලින් මහා මංකොල්ලයක්..

Shiran Viraj

මහ බැංකු අධිපති විශේෂ ප‍්‍රකාශයක.. බදු අඩු කරන්න බෑ.. නූලක් ගැස්සුනොත් යලි පෝලිමට..

Shiran Viraj
Translate »