mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

අද දින කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැකි වීම හේතුවෙන් ඇතැම් පිරිස් පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට නොහැකි බව ප්‍රකාශ කළ නිසා මෙම පියවර ගත් බවයි.

එනිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් පක්ෂ නායක රැස්වීමක් සිදුනොකරන බවද කතානායක වරයා පැවසීය.

මෙම පක්ෂ නායක රැස්වීම අද පස්වරු තුනට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සැලසුම් කර ඇති පරිදි මීළඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන 14 දා කැඳවන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

බද්ද ගෙවුවොත් ඇඟලුම් සේවකයන් ලක්ෂ 3 1/2ක රැකියා අවදානමක්…

Shiran Viraj

අධිවේගයට සරු කාලයක්

Shiran Viraj

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා

Shiran Viraj
Translate »