2026-01-13
mediahumanrights.lk
NewsPolitical

ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

රුපියල් වල වටිනාකම දිනපතා අඩු වන නිසා එම මුදල් ලබාදෙන්නේ ඩොලර් වලින් බවත් ඒ සදහා ආණ්ඩුවේ නායකයන් සතුව ඩොලර් ඇති බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීවරුනට ඩොලර් ගෙවමින් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක් දියත් ව ඇතැයි ද හෙතෙම සදහන් කලේය.

සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..

Shiran Viraj

මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක් : 'මගේ කාලයේ බැඳුම්කර සොයන්න

Shiran Viraj

සුළි කුනාටුව ඉන්දියාවට

Shiran Viraj
Translate »