23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.

යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න
අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය
යුද්ධ හමුදා මුලස්ථානය

Related posts

නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි – මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයි

Shiran Viraj

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Shiran Viraj

එළවළු පිටරටින් ගෙන්වන්නේ නෑ: මිල උච්චාවචනය තාවකාලිකයි – ඇමැති ලාල්කාන්ත

Shiran Viraj
Translate »