mediahumanrights.lk
News Political

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට කලකිරීමෙන් පසුවන බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ අවසන් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇතිවී තිබෙන මතභේදකාරී තත්ත්වයයි.

තරුණයන්ට පමණක් ඇමති තනතුරු ලබා දෙන බව පැවසුවද මීට පෙර අමාත්‍ය ධුර දැරූ පිරිසකටද ඇමති තනතුරු ලබාදීම මූලිකව මෙම මතභේදය උග්‍ර වී ඇත.

එමෙන් ම ධුරවලින් ඉවත් කර පිරිස් පවසන්නේ මේ හේතුවෙන් සමාජය ඉදිරියේ තමන් අකාර්යක්ෂම හා දූෂිත පිරිස් ලෙස නම් වී ඇති බවයි.

ජනාධිපතිවරයා නව අමාත්‍ය මණ්ඩලය අමතමින් කළ කතාවෙන්ද තමන් වරදකරු යයි මහජනතාව සිතන බව ද ඇතැමුන්ගේ අදහසයි.

මේ හේතුවෙන් හිටපු අමාත්‍යවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබුණ ද ඔවුන්ට නායකත්වය දීමට සිටි හිටපු අමාත්‍යවරයකු වූ තවමත් ආණ්ඩුවෙන් වෙන්වීම ගැන තීරණය ගැනීම ප්‍රමාද කරමින් ඇතැයිද දැනගන්නට තිබේ.

Related posts

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Shiran Viraj

පොහොට්ටුව ඇතුලු පක්ෂ කිහිපයක නාම යෝජනා ඉවතට

Shiran Viraj

අම්මා-තාත්තා හොයන්න ලංකාවට ආ ස්වීඩනයේ ව්‍යාපාරික තරුණිය

Shiran Viraj