mediahumanrights.lk
Local NewsNews

ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ සිදුව ඇත.

ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවෙකු සහභාගි වී නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව සිදුව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ඇති අතර එමෙන්ම අසල්වාසී රටවල් සමඟ ආර්ථික තලයේ සිදුකිරීමට නියමිත රාජතාන්ත්‍රික ගනුදෙනු පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයිද පැවසේ.

Related posts

ඔන්ලයින් පනතේ බලතල මෙන්න…

Shiran Viraj

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Shiran Viraj

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

Shiran Viraj
Translate »