mediahumanrights.lk
International NewsNews

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විමෙන් පසුව මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වූ ආකරය පිළිබඳව ඔවුන් මෙම වාර් තා වෙන් මනාව පැහැදිලි කර තිබේ.

‘ 2019 වසරේ නොවැම්බර් ජනපතිවරණයට පෙර එවකට ජනපති අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ බදු කපා හැරීම් ප්‍රකාශයට පත්කළ විට එවකට ශ්‍රි ලංකාවේ මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීම මහතා මෙය භයානක ක්‍රියාවක් බවත් මෙම යෝජනා ක්‍රියාතමක වුවහොත් සමස්ත රටම බංකලොත් විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව ඔහුගේ අනාවැකිය සත්‍ය වීමට ගියේ මාස 30ක කාලයක් පමණයි. ’ යැයි බ්ලූම්බර් ග් වාර් තාවෙන් පෙන්වා දෙයි.

2019 වසරේ ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනපති ගෝඨාබය රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බදු කපා හැරිම් ප්‍රකාශය ටපත් කළේය.

ඉන් මාස කිහිපයට පෙර ශ්‍රී ලංකාව දැන් ශ්‍රී ලංකාව තම අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමට පවා මුදල් නොමැති රටක් බවට පත්ව ඇති බවත් නිදහසින් පසුව ප්‍රථම වරට ණය ගෙවා ගත නොහැකි රටක් බවට පත්ව ඇති බවත් එම වාර් තා වෙන් පෙන්වා දෙයි.

එසේම පසුගිය වසර 20ක කාලය තුළදි වසර 12ක්ම රාජපක්ෂවරුන් රජයේ ඉහළ තනතුරුවල සිටි බවත් එම වාර් තාව පවසයි.

Related posts

දැන් ජිවන වියදම රටටම දැනේනවා

Shiran Viraj

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj
Translate »