2026-09-07
mediahumanrights.lk
Local NewsNews

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ විසින් මේ සඳහා වන වැඩපිළිවෙල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත ලිඛිතව යොමු කළ බව ද උන්වහන්සේ කියා සිටිති.

ඉතා ඉක්මනින් අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බවද පවසන උන්වහන්සේ පාට පක්ෂ පසෙක දමා ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවද කියා සිටී.

පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඇති තරම් ඉන්ධන අඩු මිලට ලබා දිය හැකි බව රුසියානු නියෝජිතයන් තමන් වහන්සේට ලිඛිතව දැනුවත් කර ඇති බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

Related posts

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

Shiran Viraj

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Shiran Viraj
Translate »