mediahumanrights.lk
Local News News

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ විසින් මේ සඳහා වන වැඩපිළිවෙල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත ලිඛිතව යොමු කළ බව ද උන්වහන්සේ කියා සිටිති.

ඉතා ඉක්මනින් අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බවද පවසන උන්වහන්සේ පාට පක්ෂ පසෙක දමා ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවද කියා සිටී.

පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඇති තරම් ඉන්ධන අඩු මිලට ලබා දිය හැකි බව රුසියානු නියෝජිතයන් තමන් වහන්සේට ලිඛිතව දැනුවත් කර ඇති බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

Related posts

පුංචි ලෝකාන්තය නැරැඹීමට ගොස් අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අඩි 200ක් පහළ ප්‍රපාතයෙන් සොයා ගැනේ (PHOTO)

Shiran Viraj

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

Shiran Viraj

කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්

Shiran Viraj