mediahumanrights.lk
Local NewsNews

සිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව තිබූ ඩීසල් තොග තවදුරටත් අවසන් වී තිබේ.

එම සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඩීසල් රැගත් නෞකාවක් වරායට ලඟාවී ඇතත් ඩීසල් තොගය ගොඩ බා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

වරායට පැමිණ දින තනක් පමණ ගතවන මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් පමණ අඩංගු වෙයි.

අවසන් වරට ගොඩබාන ලද පෙට‍්‍රල් නෞකාවේ තොග තවත් දින කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කරන්නේ මේ වන විට ඩීසල් නෞකාව ගොඩ බා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවත් ඉක්මනින්ම ඩිසල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි වනු ඇති බවත්ය.

ඉන් අනතුරව දැනට පවතින ඩීසල් හිගය සමනය වනු ඇතැයිද ඇය කියා සිටියාය.

Related posts

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

Shiran Viraj

සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…

Shiran Viraj
Translate »