mediahumanrights.lk
Local NewsNews

විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..

විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල වැඩි නොකරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ද නුදුරේදීම ඉන්ධන මිල අනිවාර්යෙන් ඉහළ දමන බවයි.

මේ සමගම විදුලි බිල වැඩි කිරීමට ජයට සිදුවන බවත් අද වන විට විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මත බවත් ඔහු පැවසීය.

ඒ අනුව නුදුරේදීම ඉන්ධන සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ දැමීමට නියමිත බව ද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related posts

හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..

Shiran Viraj

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

Shiran Viraj

දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අද

Shiran Viraj
Translate »