32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පෙට‍්‍රල්-ඩීසල් යෝජිත නව මිල ගණන් මෙන්න.. එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි..

ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබේ.

තෙල් සංස්ථාව සඳහන් කර ඇත්තේ පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට මිල වැඩිකිරීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි.

දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192 දක්වා ඉහළ නැංවිය යුතු බවටයි.

සංස්ථාව ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් 121කට වන අතර එය රුපියල් 169 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද යෝජනාවේ සඳහන් වෙයි.

මෙම මිල වැඩිකිරීම අනුමත වුවහොත් එය ඉතිහාසයේ පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි වන ඉහලම මිල වනු ඇත.

Related posts

රුසියානු අහසේ දිස් වූ අමුතු දේ – වීඩියෝ

Shiran Viraj

මොලය මැරුනු නමුදු හදවත ගැහුනු තම පුතුගේ හදවතින් තවත් ජීවිතයක් ජීවත් කළ උතුම් මිනිසෙකුගේ කතාව

Shiran Viraj

රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථාන

Shiran Viraj
Translate »