mediahumanrights.lk
Local News News

ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…

මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ.

මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි හෙළි වී ඇත.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාවය සිමෙන්ති ඇසුරුම් ලක්ෂ හයකි.

දේශීය වශයෙන් සපයා ගන්නා ප්‍රමාණය ඇසුරුම් ලක්ෂ 4 කි.

ඉතිරි ඇසුරුම් ලක්ෂ දෙකක ප්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවෙයි.

නමුත් ඇතිවී තිබෙන ඩොලර් හිගතාවය මත මෙම ප්‍රමාණය ආනයනය කර ගැනීමට නොහැකි වී තිබේ.

වර්තමානයේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1475 ක් ලෙස නම් කර ඇතත් වෙළඳ පොලේ අලෙවි වන්නේ රුපියල් දෙදහසක් ආසන්න මුදලකටයි.

Related posts

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑ

Shiran Viraj

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

Shiran Viraj

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

Shiran Viraj