mediahumanrights.lk
Local News News

ඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..

රජයේ පොත් පත් ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ආනයනය කරන ලද මුද්‍රණ කඩදාසි අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොමැතිකම හේතුවෙන් කොළඹ වරායේ කාලයක් තිස්සේ රඳවා ගෙන තිබේ.

මේ හේතුවෙන් රජයේ මුද්‍රණ කටයුතුවලට විශාල බාධාවක් සිදුව ඇත.

දැනට එම දෙපාර්තමේන්තුවේ ඇත්තේ මාස හයකට පමණ ප්‍රමාණවත් මුද්‍රණ කඩදාසි පමණක් බව එහි නිලධාරීහු පවසති.

රජයේ මුද්‍රණාණාලාධිපතිනිය සඳහන් කරන්නේ මේ පිළිබඳව මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඇතත් ප්‍රශ්නයට විසඳුමක් මෙතෙක් නොලැබුණු බවයි.

ඉදිරියේදී මුද්‍රණ කඩදාසි ලැබුණහොත් මුද්‍රණ කටයුතුවලට විශාල ගැටළුවක් මතු ඇතැයිද ඇය කියා සිටියාය.

එනිසා කඩදාසි අරපරෙස්සමින් පාවිච්චි කරන ලෙස ආයතනයේ සේවකයන්ට උපදෙස් දී තිබේ.

Related posts

සුජීව සේනසිංහ අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඇලෝසියස්ට ඇමතූ හේතුව හෙළි කරයි

Shiran Viraj

සත් දිනක් තුල සුරූපී තරුණියකගේ ජීවිතය විනාශ වූ හැටි

Shiran Viraj

වසර 12ක්‌ තිස්‌සේ නිදහස්‌ උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්‌

Shiran Viraj