mediahumanrights.lk
Local NewsNews

ඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..

රජයේ පොත් පත් ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ආනයනය කරන ලද මුද්‍රණ කඩදාසි අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොමැතිකම හේතුවෙන් කොළඹ වරායේ කාලයක් තිස්සේ රඳවා ගෙන තිබේ.

මේ හේතුවෙන් රජයේ මුද්‍රණ කටයුතුවලට විශාල බාධාවක් සිදුව ඇත.

දැනට එම දෙපාර්තමේන්තුවේ ඇත්තේ මාස හයකට පමණ ප්‍රමාණවත් මුද්‍රණ කඩදාසි පමණක් බව එහි නිලධාරීහු පවසති.

රජයේ මුද්‍රණාණාලාධිපතිනිය සඳහන් කරන්නේ මේ පිළිබඳව මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඇතත් ප්‍රශ්නයට විසඳුමක් මෙතෙක් නොලැබුණු බවයි.

ඉදිරියේදී මුද්‍රණ කඩදාසි ලැබුණහොත් මුද්‍රණ කටයුතුවලට විශාල ගැටළුවක් මතු ඇතැයිද ඇය කියා සිටියාය.

එනිසා කඩදාසි අරපරෙස්සමින් පාවිච්චි කරන ලෙස ආයතනයේ සේවකයන්ට උපදෙස් දී තිබේ.

Related posts

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුකරන්න බැහැ

Shiran Viraj

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

Shiran Viraj

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Shiran Viraj
Translate »