mediahumanrights.lk
Local NewsNews

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ඇතැමුන් ඉල්ලා සිටි පරිදි ජනාධිපතිවරයා කෙවිට අතට ගැනීමක් දැයි බලවත් සැකයක් මතු වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටියි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. මාධ්‍යවේදීන්, සිවිල් හා සමාජ ක්‍රියාකාරිකයන්, මෙන්ම වෘත්තීය සමිති නායකයන් ඇතුළු බලපෑම් කණ්ඩායම් වෙත වෙත එල්ල වන මෙවැනි තර්ජන සහ බියගුළු ප්‍රහාර මගින් ජනතාව බිය වැද්දිය නොහැක.

පසුගිය දිනවල ජනාධිපතිවරයාට ඇතැමුන් පැවසු පරිදි මේ ‘කෙවිට අතට ගැනීමක්’ ද යන්න පිළිබඳව අපට බලවත් සැකයක් මතුව තිබේ. මේ පිළිබඳ වහා නිසි පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස අපි රජයට බල කරමු.

Related posts

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට යළිත්

Shiran Viraj

ධාවනය වූ බසයේ කොන්දොස්තරගේ රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යයි….

Shiran Viraj

ඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැදවයි…

Shiran Viraj
Translate »