mediahumanrights.lk
Local NewsNews

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.

ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.

කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි.

අඛණ්ඩව විදුලි සැපයුමක් අවශ්‍ය වන්නේ නම් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේදී වැඩිපුර විදුලිය අවශ්‍ය වන උපකරණ භාවිතයෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

එමෙන්ම ව්‍යාපාරික ස්ථාන වල වායු සමීකරණ යන්ත්‍ර පැය හතරක කාලයක්වත් පෞද්ගලික ජනන යන්ත්‍ර මඟින් බලගන්න ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ව්‍යාපාරික ස්ථාන වල නාම පුවරු, රාත්‍රිය පුරා දැල්වෙන පහන් නිවා දමා ලෙසද ඔහු ඉල්ලා සිටියි.

Related posts

ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..

Shiran Viraj

අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…

Shiran Viraj

රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..

Shiran Viraj
Translate »