mediahumanrights.lk
Local News News

වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…

වහා ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඇති නිසා තවදුරටත් එය කර ගෙන යෑමට නොහැකි බවයි.

ඉන්ධන මිල වැඩි නොකළහොත් තෙල් සංස්ථාව පමණක් නොව සංස්ථාවට ණය නෙ රාජ්‍ය බැංකු පද්ධතියද අසීරුතාවන්ට පත්වන බවද හෙතෙම පැවසීය.

සාර්ව ආර්ථික සාධක සියල්ල යහපත් ලෙස ආරක්ෂා කර ගැනීමට රජය ඉතා ඉක්මනින් මේ මොහොතේ ගත යුතු ඉතා යෝග්‍යම ක්‍රියා මාර්ගය වනුයේ ඉන්ධන මිල ඉහළ දැමීම බවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් පැවසීය.

Related posts

අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

Shiran Viraj

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේ

Shiran Viraj