29 C
Colombo
2024-07-26
mediahumanrights.lk
News Political

ලෝක සාමය ගැන අගමැති ආර්යාව ලෝකයට කියා දෙයි…

ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක් බව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලෝක සාම සමුළුව 2022 (කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා වූ සමුළුව) අමතා (12) ප්‍රකාශ  කළාය.

විශ්ව සාම සම්මේලනයේ (UPF) ආරාධනාවකට අනුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ‘‘ලෝක සාම සමුළුව 2022’’ ට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආර්යාව මේ බව අවධාරණය කළාය.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම ලෝක සමුළුව පසුගිය 11 වැනිදා ආරම්භ වූ අතර ලෝකයේ රටවල් 150කට වැඩි සංඛ්‍යාවක සාමය සඳහා කැපවන ආගමික නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, සාම ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයෝ රැසක් ඒ සඳහා එක්ව සිටිති.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ලෝක සමුළුව 2022 අමතා මෙසේ ද කීවාය.

ලෝක සාමය බොහෝ අවදානමකට ලක්ව ඇති අවස්ථාවක සාමය පිළිබඳ අදහස් බෙදා ගැනීමට ආරාධනා කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමි.

විශ්ව සාම සම්මේලනය වැනි සංවිධාන ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන සියලු අභියෝගවලට එරෙහිව සටන් කරමින්  අනාගතය සඳහා  බලාපොරොත්තුවන සම්පූර්ණ සාමය උදාකරගත හැකි බව මම තරයේ විශ්වාස කරමි.

විශ්ව සාම සම්මේලනය (UPF) යනු සැමට නිදහසේ ජීවත් විය හැකි සාමකාමී  ලෝකයක් ගොඩනැගීමට කැප වූ පුද්ගලයන්ගේ සහ සංවිධානවල ගෝලීය ජාලයකි.

ඉවසීම තුළ ඇතිවන සහයෝගීතාවය ආචාර ධර්ම පද්ධතියක ප්‍රගතිය සඳහා ඉවහල්වන අතර එය සෞභාග්‍යය උදාකරයි.

විවිධ ආගම්වලට අයත් මිනිසුන් අතර වෙනස්කම් ඇති නොවීම තුළ අවංක යුක්තිය මෙන්ම විශ්වීය සාමය සඳහා පිළිගත හැකි ප්‍රවේශයක් ගොඩනැගෙයි.

ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසකි. එහිදී ජාතීන් සාමයෙන් සහ සමගියෙන් එකිනෙකා සමඟ කටයුතු කිරීමට උත්සාහ කරයි.

විශ්ව සාම සම්මේලනය මේ දක්වා කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට විවිධ ආකාරවලින් සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබේ. ආගම් සහ සංස්කෘතික  භූමිකාව ප්‍රතිසංවිධානය කිරීම සහ ඊළඟ පරම්පරාවේ නායකයින් වර්ධනය කිරීමත්, කාන්තා නායකත්වයන් අත්හදා බැලීම සහ නිසි බලගැන්වීමත් ලෝක සාමය සඳහා අගයක් එක් කර තිබේ.

ලෝක සාමය යනු තවත් ආකාරයකින් ප්‍රකාශිත සතුට පිළිබඳ සංකල්පය සහ අදහසයි. සියලු ජාතීන් සහ ජාතීන් අතර නිදහස  සාමය උදා කිරීමටත් ගැටුම් සහ යුද්ධ අවම කිරීමටත් දායක වී ඇත.

ලෝක සාමයේ පැවැත්ම  රටවල් සහ ජාතීන් අතර අභ්‍යන්තර ගැටුම් ද අවම කරයි.

ආර්ථික වර්ධනය සහ මානව වර්ධනය වෙනුවෙන් අප ගන්නා සාම මාවත  ගෝලීය සාමය ගොඩනැගීම මෙන්ම සමාජ සමෘද්ධිය උදෙසා පැහැදිලිවම දායක වී තිබේ.

සාමය සහ සංහිඳියාව නොපවතියි නම් හෝ නිසි ලෙස ස්ථාපිත නොවූයේ නම් ආර්ථික ස්ථාවරත්වය සහ සංස්කෘතික වර්ධනය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි.

තවද, සාමය ගොඩනැංවීම සඳහා භාවිතා කරන ක්‍රියාකාරකම් පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කර ගත යුතු අතර, කල්පවත්නා සාමය සඳහා වන මාර්ගය හොඳින් සැලසුම් කර පරිපූර්ණ ප්‍රවේශයකින් සැලසුම් කළ යුතු වේ.එක්ව ඉදිරියට යෑමේ කැමැත්ත අනුව  සහෝදර සහෝදරියන් ලෙස කරට කර සිටිමින් අපට සාමය සඳහා අපගේ බලවේගය ඉදිරියට ගෙන යා හැකිය.

කොරියානු අර්ධද්වීපයේ සාමය ඔවුන්ගේ දේශසීමාව තුළ සහ ඉන් පිටත සිටින සෑම දෙනාගේම ජීවිතය වෙනස් කරන එකක් බව මම නැවත වරක් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

මෙම ලෝක සමුළුව 2022 තුළින් අපට එක්ව නිවැරදි සාමකාමී අනාගතයකට නැවුම් ලෙස ඉදිරියට යාමේ ප්‍රවේශය තවත් තීව්‍ර කර ගත හැකිය.

මෙහි සිටින ඔබ සැම ඔබගේ කුසලතා මනුෂ්‍යත්වය සහ එහි අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරනු ඇතැයි විශ්වාස කරමි යැයි අග්‍රාමාත්‍ය ආර්යාව ප්‍රකාශ කළාය.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…

Shiran Viraj

මුහුණු පොතෙන් ජාතිවාදය වපුරන අයට වැඩ වරදියි – පොලිස්පතිගෙන් සීඅයිඩී යට නියෝග…!

Shiran Viraj

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Shiran Viraj