mediahumanrights.lk
Local NewsNews

මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…

දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් තීරණය කර තිබිණි.

එහෙත් එම තීරණයට මුස්ලිම් ප්‍රජාවගේ වි​රෝධයක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මුස්ලිම් ප්‍රජාවගේ බහු විවාහ නීති දිසා අධිකරණ වෙත යොමු කිරීම නීති ප්‍රමාදයට තවත් හේතුවක් වන බැවින් කාති අධිකරණවල දී නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව අධිකරණ අමාත්‍යාංශයේ අදහසයි.

එලෙස විසඳීමට නොහැකි ගැටලු පමණක් දිසා අධිකරණයට යොමු කළ යුතු බවද අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

– අරුණ

Related posts

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Shiran Viraj

සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

Shiran Viraj

කොඩිඩ් කියලා හැංගිලා ඉන්න බෑ.. සංවර්ධනය නවතන්නේ නෑ…

Shiran Viraj
Translate »