mediahumanrights.lk
Local NewsNews

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.

ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.

කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි.

අඛණ්ඩව විදුලි සැපයුමක් අවශ්‍ය වන්නේ නම් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේදී වැඩිපුර විදුලිය අවශ්‍ය වන උපකරණ භාවිතයෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

එමෙන්ම ව්‍යාපාරික ස්ථාන වල වායු සමීකරණ යන්ත්‍ර පැය හතරක කාලයක්වත් පෞද්ගලික ජනන යන්ත්‍ර මඟින් බලගන්න ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ව්‍යාපාරික ස්ථාන වල නාම පුවරු, රාත්‍රිය පුරා දැල්වෙන පහන් නිවා දමා ලෙසද ඔහු ඉල්ලා සිටියි.

Related posts

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Shiran Viraj

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Shiran Viraj

පාස්කු කොමිසමේ සාක්‍ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප‍්‍රශ්න කරයි

Shiran Viraj
Translate »