mediahumanrights.lk
Local NewsNews

යුද හමුදාවෙන් ට්‍රැක්ටරයකට වෙඩි ප්‍රහාරයක්….

යාපනය කොඩිකාමම් කෙට්පේලි ප්‍රදේශයේදී රහසිගත වැලි ජාවාරමේ නිරත ට්‍රැක්ටරයකට යුදහමුදාවේ ඊයේ (25) දින වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවටත් වැලි ජාවාරමේ නිරත එක් අයෙකු අත්අඩංගුවට ගත් බවටද කොඩිකාමම් පොලීසිය පවසයි.

යුදහමුදා බුද්ධි අංශයට නීතිවිරෝධී වැලි ජාවාරම් පිළිබඳව ලැබුනු තොරතුරකට අනුව යුදහමුදා නිලධාරීන් පිරිසක් කෙට්පේලි ප්‍රදේශයේ මාර්ගයක සෝදිසි මෙහෙයුමක නිරත වූ අවස්ථාවේදී වැලි පටවාගත් ට්‍රැක්ටරයක් ධාවනය වී ඇත.

එහිදී යුදහමුදා සෙබලුන් විසින් ට්‍රැකක්ටරය නැවතීමට විධානය කොට සිටියද ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් අවම බලය භාවිතා කරමින් අහසට වෙඩි තැබීම හේතුවෙන් බියටපත ට්‍රැක්ටරයේ සිටි ජාවාරම් කරුවන් පලා ගිය අතර ට්‍රැක්ටරය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව අසල පිහිටි කුඩා වැවකට ධාවනය වී ඇත.

එහිදී ට්‍රැක්ටරයේ රියදුරු යුදහමුදාව විසින් අත්අඩංගුවට ගෙන ට්‍රැක්ටරය සමග කොඩිකාමම් පොලීසියට භාරදීමට පියවර ගෙන ඇති අතර පලා ගිය සෙසු වැලි ජාවාරම් කරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

Shiran Viraj

පොලිසිය විජයකලා සොයා යයි

Shiran Viraj

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj
Translate »