mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර සිදුව ඇති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබා දීමට එකඟ වී ඇති ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇතැයිද සඳහන්ය.

Related posts

පොලිසිය කළ දින 05 ක මෙහෙයුමෙන් මාර්ග නීති කැඩූ රියදුරන් කොටු වූ හැටි

Shiran Viraj

බැසිල් රාජපක්ෂ විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටවෙයි

Shiran Viraj

අලුත් හමුදාපති මෙන්න..

Shiran Viraj
Translate »