mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

පිළිකා රෝගය සඳහා අවශ්‍ය වන ඖෂධයක් ලියාපදිංචි නොකර ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙසේ අවසර ලබා දී ඇත්තේ එම ඖෂධය ආනයනය කිරීම සඳහා කිසිදු සැපයුම්කරු ඉදිරිපත් නොවීමේ හේතු මතයි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ සමාගමට ලියාපදිංචියෙන් නිදහස් කිරීමක් මෙම ඖෂධ සඳහා ලබාදී තිබේ.

හදිසි අවශ්‍යතාවය මත මෙම ඖෂධ ආනයන කිරීම නිසා එහි සාම්පල පරීක්ෂා කර අතුරු ආබාධ පරීක්‍ෂා කර බැලීමේ සාමාන්‍ය ක්‍රියාවලිය අනුගමනය නොකරන බවත් ඒ වෙනුවෙන් ඖෂධයේ වගකීම ආනයනකරු විසින් දැරිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මෙම ඖෂධය භාවිතා කිරීමට අනුමැතිය ඇත්තේ රජයේ රෝහල් සඳහා පමණි.

ඖෂධ කුප්පියක උපරිම සිල්ලර මිල නිමකර ඇත්තේ රුපියල් 90,250ක් ලෙසයි.

Related posts

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj

වධකයන්ට සවන්දෙන්න අපි සුදානම් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

Shiran Viraj

කොටුව පොලිස් ස්ථානාධිපතිට නොතිසි

Shiran Viraj
Translate »